Thursday, April 2, 2020

විචාර අංක 05

විචාර අංක 05
මෙම ගීතය රචනා කරනු ලබන්නේ මහකණුමුල්ල වජිර හිමි විසිනි.උන්වහන්සේ එදිනෙදා ජිවිතේ ගමන් බිමන් වඬින විට පොතක් රැගෙන යන බවත් එම පොතෙහි දකින්නට ලැබෙන සිදුවීම් සටහන් කරගන්නා බවත් සඳහන් වේ .පුරැදු පරිදි දිනක් කෝච්චීයේන් උන්වහන්සේ වඬින විට ටිකක් දුරක් පසු කිරීමෙන් පසුව කෝච්චීය නතර වෙනවා.....එහි සිටි මිනිස්සුන්  ටික  වේලාවක් බලලා නැඟිටලා එහෙන් මෙහෙන් බලනවා...උන්වහන්සේද කෝච්චියේ වා  කවුළු පියන්පත් තුළින් අවට බලනවා.එවිට දකිනවා මිනිස්සු වට වී සිටින අයූරැ .
     එම ස්ථානයට ගිහින් එන  මනුස්සයෙක් කියනවා "හාමුදුරැවනේ ගැහුණු ළමයෙක් කෝච්චීයට පැනලා ගන්න දෙයක් නැහැ හාමුදුරුවනේ "......මෙය සවනේ වැකීමෙන් පසු උන්වහන්සේ පුරැදු පරිදි උන්වහන්සේගේ ගමන් තොරතුරු පිළිබඳ සටහන් කරගන්න පොත එළියට ගෙන මේ අකාරයෙන්......
සංවේදී හා යථාර්ථය පිළිඹිබු කරන අයුරින් සටහන තබන්නේ මෙසේය......
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුණේ
කාටද රිදුණේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ...
ඇත්තටම අපි කෙතරම් පෙරැම් පිරැවද අපේ ප්‍රාර්ථනා සිතුම් පැතුම් සුනු විසුණු වී යනවා.එය ස්භාවධර්මයේ පවතින නීතීයකි.යමක් අපට අහිමිනම් එය ස්භාවධර්මය විසින් වෙන් කරන අතර යමක් ඔබට හිමිනම් නිරායාසයෙන්ම ඔබතුළට එය ලබා දෙන්නත් එහි හිමීත්වය ඔබට ලබා දෙන්නත් පවතින්නේද එම නීතීයම පමණකි.නමුත් මෙම අහිමිවීම දරාගන්න බැරැව කවුරැද හැඬුවේ කාටද රිඳුනේ කියලා දන්නේ නැතිව දුම්රිය මොහොතක් නතරවුණා......නමුත් මොහොතකට පමණයි දුමිරිය නැවතත් සුපුරුදු ගමනාගමනය තුළ යෙදෙන්න ඕනී .කවුරැ හැඬුවත් කාට රිඳිලා දුම්රියට පැනලා ජිවිතේ තොර කර ගත්තත් දුම්රිය තම ගමන නතර කරන්නේ නැතිව යන බවත් , ජීවීතයකට මීට වඩා වටිනාකමක් ලබා දිය යුතු බව ව්‍යාංගාර්ථයෙන් පවසයි .මන්දයත් අපේ ජීවීතය වෙනුවෙන් කවුරුත් බලාගෙන ඉන්නේ නැහැ නමුත් අපේ ජීවීතය දිහා අපි බලාගත යුතු වෙනස දුක සතුට අතර දෝලනයවන අටලෝ දහමේ ක්‍රියාකාරීත්වය තුළ .
මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවිතය සුව අපමණ වේ ...//
දොළක් වගේ දිය දෝත වගේ
ජිවිතයේ අම සිසල දැනේ....
පෙරුම් පුරාගෙන ආ සංසාරේ...
මේ ජීවීතය  පිපෙන මලක රොන් පිරිලා  සුවඳ දෙනවා සැබවින්ම මොහොතක් හිතන්න. මිනිස් හදවත ක්‍රමානුකූලව සකසාගැනීම තුළ එහි සුවඳ හමනවා එය පිවිතුරුයි රොන් යනු මෙහි මිනිස් සිත තුළ පවතින යහපත් ගුණාංග තුළින් විහිදෙන යහපත් බවයි. මේ ජීවීතය ගලාගෙන යන දොළක් ⁣වගේ හා එම දොළෙන් දෝතට ගන්න දිය පොඳක් පමණක් විඳලා බලන්න එහි දැනෙන  අම සිසිලස..මේ යනු  ගලාගෙන යන දොළ දිගේ රැල්ලට ගසාගෙන යා යුතු නොවන බවත් ඉන් දිය දෝතක් ගෙන දැනෙන සිසිලස විඳින්න එය අමා සිසිලසක් සේ දැනෙන වග පවසයි.මන්දයත් දොළ පාරේ එක දිගට ගසාගෙන යද්දී සැඩවෙන්න පුළුවන් හැමදේම ගසාගෙන එනවා හැම තැනටම ගලාගෙන යනවා....ජිවිතේට වුණත් ඕනෑවට වඩා කිසිම දෙයක් අවශ්‍යය නැහැ එම  නිසා ගලාගෙන යන දොළ යනු අප ජිවත්වන සමාජයද යන්න සැක සහිතයි. මන්දයත් දොළක් සේ සියලුම දේ ගසාගෙන යනවා හොඳ හා නරක සියල්ල එහි පවතිනවා.නමුත් ඒ ගලාගෙන යන දොළ හරහාම යා නොහැකියි.සැඩ පහරට අහුවෙන්න පුළුවන් කොහේ ගලාගෙන යයිද දන්නේ නැහැ ඒ නිසා මේ දොළ  තුළින් දිය දෝතක් රැගෙන ජීවීතය විඳින්න පවසන්නේ අම සිසිල දැනෙන පරිද්දෙනි.එනම් ඒ සමාජය තුළින් ලබාගන්නා යහපත් දේ තුළින් සකසාගන්න ජීවීතේ යහපත් භාවයයි.
වරක් නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ....//
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ...
මෙයින් ගම්‍යය කරන්නේ සැබවින්ම මිනිස් ජිවිතේ යථාර්ථයයි. අපේ ජිවිතේ යම් දෙයක් වෙනුවෙන් කඳුළු නැඟෙන්නේ වරක් නොව ජාති ජාතී සංසාරේ අපි ඒ වෙනුවෙන් කඳුළු සලන්නට ඇත....මන්දයත් හදවත බැඳුනු දෙයක් වේද ඒ තැන පවතින දුක නිසාමය.ඉතිං දරාගනු  බැරි දුකක් සිදු වූ ප්‍රථම වතාව මෙය නොවෙන්නට පුළුවන් .මේ භව සංසාර ගමනේ අපි මහා සාගරය තරම් කඳුළු හෙලන්නට ඇති. නමුත් අපිට ඒ පිළිබඳ මතකයක් නැහැ .නමුත් මේ ජිවත්වෙන ජීවීතය තුළ විටෙක මිනිස්සු එක වර හිමිව තිබු දෙයක් අහිමි වූ පසු ඒ වෙනුවෙන් හඬා වැටෙයි සිතට දරාගන්න බැරි බව පවසා වියරැවෙන් හඬා වැළපෙයි . නමුත් මේ ජීවීතය සුන්දරයි දුක්කම්කටොළු මැද ගෙවන විට ඒ අත්දැකීම් තුළ ඔබගේ ජීවීතය තීව්‍ර කරගන්න තරම් ශක්තිය ධෛර්යය ලැබෙද්දී ඔබට යම් දිනයක දැනෙනවා දුකම මොනතරම් සතුටක්දෝ කියලා .....
මෙම දුම්රියට පැන සියදිවි නසාගැනීම පෙම්වතුන් යුවළක් හෝ යුවතියක් පමණක් බවත් විවිධ තැන්වල සඳහන් වෙනවා.එය කෙසේ නමුඳු  ජීවීතේ යථාර්ථය තුළ පැන යාමෙන් පිපි මලක් වගේ සුවඳකරගන්න පුළුවන් ජිවිතේ  ......ගලාගෙන යන දොළෙන් දෝතට ගන්න දිය වගේ සිසිල  දෙන ජීවීතය දුක්කම්කටොළු නිසා හඬා වැළපෙද්දී බැඳිම් ගිළිහෙද්දී හිතට දරාගන්න බැරැව ජීවීතය විනාශ කරගන්න ක්ෂණික සිතුවිලි හේතුවෙන් දුකම වින්ඳත් ජිවිතේ සොඳුරැ බව වටහාගන්න අවස්ථාව ගිළිහෙන හැටි මොනවට මෙම නිර්මාණය රචනා කළ වජිර හිමියන් විසින් අටලෝදහම ව්‍යාංගාර්ථයෙන් මුසුකොට මැනවින් ගීතය පුරා උත්තේජනය කර ඇති අයුරැ අපූරත්වයකි. ගීතයකට බොහෝ විචාර තිබෙන්න පුළුවන් එය රසවිඳින ග්‍රාහකයාගේ මනෝභාවයන් මත උද්දීපනය වෙන හැඟිම් තුළ .මේ මා ගීතය රසවිඳි අාකාරය බව හඟිමී .......
__________________

_________________

✍️කමණි සුරවීර අාරච්චිගේ

1 comment:

  1. රසවත් විචාරයක්... මේ ගිතය ලියූ ගීත රචකයා පසු කලෙක වජිර මහකණුමුල්ල නමින් ගිහියෙක් වුණා..

    ReplyDelete

ජීවීතයට සිතුවිල්ලක්

                 🌿🍁💕🌱❤🤲🤲🤲🍁🍁🍁 ජීවීතයට වදනක්                      _______________________________________________                   ...