ප්‍රේමය යනු මිනිස් ජීවීතය උපතේ සිටම අවසන් සුසුම දක්වා ගණුදෙනු කරන අපූරෑ වූ බැඳිමකි.කොපමණ නිර්වචන තිබුණත් රිඳුම හා  තනිකම විරහාව රැඳී තැන ප්‍රේමයේ බැඳීම බොහොම වැඩිය. මිල්ටන් මල්ලවආරච්චි  මහත්මයා ගායනා කරන මෙම ගීතය පාසල් ප්‍රේමය හා සම්බන්ධ බව මොනවට ගම්‍ය වේ.
  චිත්ත රෑප මැවීම මනරම්ය අපූර්වතම උද්දීපනයකි. කඳුකර පරිසරයක මාවතක සඳ එළිය චමත්කාර ජනකය.ඒ රාත්‍රීය කෙතරම් අපූරෑද ප්‍රේමයේ විරහාව පැළිපැඳියම් වෙච්චි හිත් කොනක මතකය දල්වන්න . හුදකලාව සීතල මදනල සුළඟ සඳ එළිය  කඳු යාය හා රාත්‍රීය එළඹෙත්ම පාළුවට ගිය මාවත  අපූරෑ සිතුවමකි. ස්භාවධර්මය එක්ක නැවතිච්ච  විරහාව විටෙක මනරම්ය එය හදවතක විඳින රටාව අනුව. වේදනාව සිතාරයක් සේ වැයෙන්නේ ඒ තත් අතර හිරිවැටුණ ප්‍රේමයේ මතක පොඳි ගැසුණු ඒ විරහාව  ඒ සඳ මඬල වැටුණු රාත්‍රීය තුළ යළි යළි මේ විරහාවේ  හඬ ඔහුට ජිවිතේ පුරා ඇසෙන්න කියා අයදින තරමට ඔහුගේ හිතේ උපන් ප්‍රේමයට ප්‍රේම කළ ඔහු පසුව ඒ ප්‍රේමයෙන් ලද විරහාවට ප්‍රේම කරන්නට තරම් අපූරෑ ප්‍රේමවන්තයකි.
   පෙම වැඩුණුකාලයේ ඔවුන්නොවුන් මිමිණු කතා අහගෙන හිටපු සුළඟද ඔහුගෙන් වෙන්ව ගිය ප්‍රේමවන්තිය නිසා අසරණය.ඒ හා බැඳුණු පරිසරය එක්ක ඔහුට ප්‍රේමය මෙන්ම සුන්දර බැඳිමක් තිබෙන්න ඇති.ඒ පරිසරය වෙනස්ව දකිද්දී මාරැතය පවා එදා අහගෙන හිටියත් ඒ ප්‍රේමණිය කතා අද නෑසෙද්දී ඒ මාරැතය හඬනවායැයි ඔහු සිතයි.
   ගැමි පරිසරය හා බැදුණු සුන්දර අහිංසක පාසැල් ප්‍රේමයක් බව "ගං ඉමේ මාදං කෑලේ ......යන වචන තුළින් ඉතා අපූරෑ සිතුවමක් තුළ අසන්නාගේ හදවත තුළ උද්දීපනය කිරීම මොනවට ගම්‍ය වේ. අතීතයේ ප්‍රේමය ගලා ගියේ ගම මෙන්ම සුන්දරව බව විචිත්‍රවත් කිරීම මනරම්ය.වර්තමානයේ ප්‍රේමයද ගම්බඳමිටියාවතද කෙමෙන් කෙමෙන් වෙනස් වෙමින් පවතී.අවසානේ "මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා......." සැබවින්ම හිත ගත්තු අපූරෑ වචන පෙළ එතැනයි අපව සොයා එන දේවල් ඒ වගේම දුරස් වී යාම ස්භාවධර්මයේ නියතයකි....ළංවෙලා හිටි තරමටම වෙන්ව යාමද එසේමය....කථකයා තුළ ඇත්තේ සැබවින්ම නිර්ව්‍යාජ ප්‍රේමණිය හැඟුම් සමුදායකි.ඒ තුළින් ඔහු ලැබු   විරහාව ආත්මීයව විඳින්න ඔහු ජීවීතය පුරා සැරසෙයි.සමහරවිට ප්‍රේමවන්තිය සරසවි ප්‍රවේශ  ලබන්නට ඇත.ඉන්පසු වෙන්ව යන්නට ඇත....ඔහු ප්‍රේමය වෙන්වූ අයුරු හමු වූ අයූරැ පරිසරය හා ඒ අත්දැකීම් විඳින අයුරැ ඉතා අපූරත්වයකි.කොතැනක හෝ  ගිලිහෙච්ච ප්‍රේම කතාවක විරහාව යනු ප්‍රේමයේ සුන්දර තැනකි.එය ඔබ හෝ මම භාරගන්නා  ආකාරය අනුව එහි විඳීම හෝ විඳවීම දැනෙන බවද කිව යුතුය.

__________________
✍️© සුරවීර ආරච්චිගේ කමණි

No comments:

Post a Comment

ජීවීතයට සිතුවිල්ලක්

                 🌿🍁💕🌱❤🤲🤲🤲🍁🍁🍁 ජීවීතයට වදනක්                      _______________________________________________                   ...